අනුරාධපුර යුගයේ ඓතිහාසික ස්ථාන 2
කුට්ටම් පොකුණ
කුට්ටම් පොකුණ
![](https://www.myschool.lk/media/p/u568254f8112517.81483350/kuttam%20pokuna.jpg)
අභයගිරි භික්‍ෂූන් වහන්සේලාට ජලස්නානය කිරීම සඳහා මෙම කුට්ටම් පොකුණ කරන ලදී. අනුරාධපුර යුගයට අයත් වන ශේෂ්ඨ නිර්මාණයක් වූ මෙය හැරුණු විට එකල පුරාණ නගරයේ තැනින් තැන ඉදි කෙට තිබූ පොකුණු විශාල ප‍්‍රමාණයක් තිබූ බව පුරා විද්‍යාඥයින්ගේ අදහසයි. මේ ආකායට පිළිසකර කරනු ලැබූ තවත් පොකුණක් ලෙස ඇත් පොකුණ සඳහන් කිරීමට පුලූවන. එය කුට්ටම් පොකුණ තරම් කලාත්මක නොවූවත් බැලූ බැල්මට එයත් දැවැන්ත කර්මාන්තයක් ලෙස සැලකීමට හැකිය. එහි එම විශාලත්වය නිසා එයට ඇත් පොකුණ යන නම ලැබුණු බව පොත පතෙහි සඳහන් වේ. මෙම පොකුණූ දෙක මෝස්තර අතිනුත් වෙනස්කම් පෙන්නුම් කෙරේ. ප‍්‍රමාණයෙන් හා මෝස්තරයෙන් එකිනෙකට වෙනස් වූ පොකුණු දෙකක් එකට යාබදව පිහිටීම නිසා මෙය කුට්ටම් පොකුණ යැයි නම් කර බව පරණවිතාන මහතා පෙනුම් කර දේ. ශෛලම නිර්මාණයක් වන අතර ක‍්‍රමවත්ව එක මත එක ගල් අතුරා කර ඇත. පහළට බැසීමට ඇති පඩිපෙළ දෙපස ඇති කැටයම පොකුණු දෙකෙහි දෙ ආකාරයකි. එකක කොරවක් ගලෙහි හැඩය ගෙන නිම කර ඇති අතර අනෙකෙහි සීඝ‍්‍ර බෑවුමක් සහිත අත් වැලක් නිර්මාණය කර ඇත. සෑම පියගැට පෙළක් මස්තකයේම ඉතා දැකුම් ක‘ ලෙස සකස් කෙරුණු පුන්කලස් කොවක්ගල් වලට ඉහළින් කැටයම් කර ඇත. මෙම පුන්කලස් වලත් සුවිශේෂත්වයක් ඇත පුන්කලස් තුලින් පිටතට ඉහිරුණු මල් පොහොට්ටු මෙහි කැටයම් කර තිබේ. උතුරු පොකුණ ලෙස සැලකෙන ප‍්‍රමාණයෙන් තරමක් කුඩා පොකුණේ දිග අඩි 92 වන අතර එහි පෙන 5 ක නාගයා සහිත මුරගලක් ද දක්නට ඇත. දකුණු පොකුණ අඩි 132 පමණ වන බව සඳහන් වේ. මෙම පොකුණු දෙකෙහිම ගැඹුර අඩි 17 ක් වේ. පොකුණු දෙක අතර පරතරය අඩි 18 වන අතර පොකුණු දෙක වටා ඇති ඔපමට්ටම් කළ ගලින් නිම වූ මිටි තාප්පය එහි ආරක්ෂාවටයි. මෙම පොකුණු වල තිබෙන හැඩය ආයත චතුරස‍්‍රාකාර ලෙස හඳුන්වන හැඩයයි. මේ පොකුණු සෑදීමට බදාම භාවිතා කර නොමැත. සිංහල ගල් වඩුවා සතුව තිබූ හැඩතල කලමණාකරණය හා මාන විධ්‍යාව පිළිබඳ පැහැදිලි දැනුමක් තිබූ බව පැහැදිලි වන කරුණකි. පොකුණු මිදුලට බැසීම සඳහා භාවිතා කරන පිය ගැට පේලි 5 ක් ඇති අතර ඉන් 4 කම අනුරාධපුර යුගයේ පිය ගැට පෙළෙක ඇති ගාම්භීරත්වය මනාව පැහැදිලි කෙරේ.
අභයගිරි විහාර භූමියට ඇඳ වැටෙන ජලය භූගත නළ පද්ධතියක් හරහා ජල පෙරණයකින් පෙරී පොකුණට එකතු වේ. අපවිත‍්‍ර වන ජලය පොකුණෙන් ඉවත් කිරීම සඳහා භූගත නළ පද්ධතියක් ක‍්‍රියාත්මක වී ඇති බව පිළිගෙන ඇත . පොකුණු මිදුලට බසින ප‍්‍රධාන ප‍්‍රාකාරයේ සිට සකල නිර්මාණයම කළුගලින් නිම කිරීම ශිල්පියාගේ ප‍්‍රතිභාව මැනවින් නිරූපණය කරයි. මින් දිස් වන්නේ රාජකීය මුහුණුවරක් නොව ආගමික මුහුණුවරක් වීම අගය කළ යුතුය.
වෛජයන්ත ප‍්‍රාසාදය
(පොළොන්නරුවේ ඓතිහාසික ස්ථානයකි.)
![](https://www.myschool.lk/media/p/u568254f8112517.81483350/wyijantha.jpg)
0 Comments